CERTIFIED PROFESSIONAL IN DIGITAL MARKETING
  
පාඨමාලාව පිළිබඳව දැනුවත් වෙන්න...
            ඕනෑම පුද්ගලයෙක්, ඕනෑම වෘත්තිකයෙක්, ඕනෑම ආයතනයක් අද වනවිට ඩිජිටල් තාක්‍ෂණය භාවිතා කරයි. ඩිජිටල් තාක්‍ෂණය භාවිතයෙන් පාරිභෝගිකයන් වෙත තම භාණ්ඩ හා සේවාවන් සමීප කරවීම ලොවපුරා සිදුවන ක්‍රියාවලියකි. අනාගතයේ ඇතිවන නව තාක්‍ෂණික දියුණුවත් සමග මෙය තවත් පුළුල්ව ව්‍යාප්ත වේ.
ඩිජිටල් තාක්‍ෂණය භාවිතා කරමින් අලෙවිකරණ කටයුතු සිදුකිරීම ඕනෑම ආයතනයකට, වෘත්තිකයෙකුට, පුද්ගලයෙකුට සිදුකළ හැකි ක්‍රියාවලියකි. තම වෘත්තීය සාර්ථකත්වය ගොඩනගා ගැනීම සඳහා ඩිජිටල් තාක්‍ෂණය භාවිතා කරන ආකාරය පිළිබඳව මෙම පාඨමාලාව මගින් අධ්‍යනය සිදුකළ හැකිය.

පාඨමාලාව තුළ අන්තර්ගත විෂය නිර්දේශය පිළිබඳව දැනුවත් වෙන්න...

Unit 01 -        Internet Marketing

          ජංගම දුරකතන මෙන්ම පරිගණක භාවිතයෙන් ලොවපුරා වෙසෙන පුද්ගලයින් මිලියන ගණනක් අන්තර්ජාලය භාවිතා කරයි. භාණ්ඩ හා සේවාවන් සැපයීමට හා ලබාගැනීමට, තොරතුරු හුවමාරු කරගැනීමට අන්තර්ජාලය භාවිතා කරයි.
            අන්තර්ජාලය පිළිබඳව පුළුල් දැනුමක් ලබාදීමට මෙම ඒකකය සැලසුම් කර ඇත. අන්තර්ජාලය තුළ තිබෙන නව ව්‍යාපාරික අවස්ථාවන් පිළිබඳව දැනුවත් කිරීම හා වංචාකාරී වෙබ් අඩවි හා පුද්ගලයින් හඳුනාගන්නා ආකාරය පිළිබඳව ඔබව දැනුවත් කිරීම මෙම ඒකකය මගින් සිදුකරයි.

Unit 02 -        Graphic Design & Video Animation

          භාණ්ඩ හා සේවාවන් පිළිබඳව ලොවපුරා සිටින පුද්ගලයින් දැනුවත් කිරීමට අවශ්‍ය කරන ග්‍රැෆික් නිර්මාණ හා වීඩියෝ ඇනිමේෂන් සිදුකරන ආකාරය විවිධ මෘදුකාංග භාවිතයෙන් ප්‍රායෝගිකව සිදුකිරීම මෙම ඒකකය මගින් සිදුකරයි. මෙම ඒකකය අවසානයේ ඕනෑම ග්‍රැෆික් නිර්මාණයක් හා වීඩියෝ ඇනිමේෂන් එකක් සිදුකිරීමේ හැකියාව ඔබසතුව පවතී.

Unit 03 -        Web Design

          අන්තර්ජාලය තුළ මිලියන ගණනක් වෙබ් අඩවි දැකගත හැකිය. වෙබ් අඩවි නිර්මාණය කිරීම සඳහා විවිධ පරිගණක භාෂාවන් මෙන්ම මෘදුකාංග භාවිතා කරයි. බොහෝ පිරිසක් අදහස් කරන්නේ වෙබ් අඩවියක් නිර්මාණය අපහසු කාර්යයක් යනුවෙනි.
            ඉතාමත් පහසුවෙන් පරිගණක භාෂාවන් භාවිතයෙන් තොරව වෙබ් අඩවියක් නිර්මාණය කරන ආකාරය පිළිබඳව පියවරෙන් පියවර ඔබව දැනුවත් කිරීම මෙම ඒකකය මගින් සිදුකරයි. මෙම ඒකකය අවසන් වන විට දිනක් ඇතුලත නව වෙබ් අඩවියක් නිර්මාණය සඳහා 100% ක් හැකියාව ඔබසතුව පවතී.
Eg : - Company Profile Website, Classifieds Website, News Website, E-commerce Website

Unit 04 -        Internet Money Making

          අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම පිළිබඳව නොයෙකුත් දැන්වීම් ඔබ දැක ඇත. නොයෙකුත් ප්‍රකාශ ඔබ අසා ඇත. බොහෝ දෙනා සිතන්නේ මෙය බොරුවක්, රැවටීමක් යනුවෙනි. රටේ අවාසනාවකට, එය එසේ සිදුවූයේ විවිධ වංචාකාරී පුද්ගලයින් නිසාවෙනි.
            ඔබට විශේෂයෙන්ම අප සඳහන් කරනු ලබන කරුණ වන්නේ අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකිය යන්නයි. මෙම සම්පුර්ණ පාඨමාලාව තුළ ඔබ අධ්‍යනය කරනු ලබන සියලු කරුණු කාරණා භාවිතයෙන් මෙම ඒකකය අවසන් වන විට ඔබ අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම සිදුකරයි.

Unit 05 -        Mobile Apps Design

දිනපතා ඔබේ ජංගම දුරකතනයට ලොතරැයි ප්‍රතිපල ලබාගැනීමට,
Reg_Lottery ලෙස type කර 77101 ට sms කරන්න.
දිනපතා ඔබේ ජංගම දුරකතනයට උණුසුම් පුවත් ලබාගැනීමට,
Reg_News ලෙස type කර 77001 ට sms කරන්න.

ඉහත ආකාරයට විවිධ mobile apps රට පුරා ක්‍රියාත්මක වේ. ඉතා පහසුවෙන් ඕනෑම අයෙකුට මෙවැනි mobile apps නිර්මාණය කළ හැකිය. ජංගම දුරකතන ජාල මගින් ක්‍රියාත්මක වන මෙම apps සේවාව මගින් ඉතා පහසුවෙන් ඕනෑම අයෙකුට මුදල් ඉපයිය හැකිය. මෙම ඒකකය අවසන් වන විට ඔබ මෙවැනි apps නිර්මාණය කරමින් අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම සිදුකරයි.

පාඨමාලාවේ වැදගත්කම හා වෘත්තීය අවස්ථාවන් පිළිබඳව දැනුවත් වෙන්න...
           
  • ඔබගේ අනාගත වෘත්තීය කුමක් වුවත් එය සාර්ථක කරගැනීමට මෙම විෂය යොදාගත හැකිවීම.
  • අන්තර්ජාල අලෙවිකරුවෙකු ලෙස නිවසේ සිටම මුදල් ඉපයීමට හැකිවීම.
  • වෙබ් අඩවි නිර්මාණකරුවෙකු ලෙස, ග්‍රැෆික් නිර්මාණකරුවෙකු ලෙස වෘත්තිකයෙකු බවට පත්වීමට හැකිවීම.
  • ඕනෑම ආයතනයක අන්තර්ජාල අලෙවිකරුවෙකු ලෙස සේවය කිරීමට හැකිවීම.

පාඨමාලාවේ ස්වභාවය පිළිබඳව දැනුවත් වෙන්න...

  • පාඨමාලාවට අවශ්‍ය කරන සියලුම මෘදුකාංග, නිබන්ධන ආයතනය මගින් නොමිලයේ ලබාදීම සිදුකරයි.
  • පාඨමාලාවට සහභාගී වන සෑම අයෙක්ම තම Laptop පරිගණකය රැගෙන දේශන සඳහා සහභාගී වියයුතුය.
  • Laptop පරිගණකයක් නොමැති වූවත්, නිවසේ Desktop පරිගණකයක් ඇති, මෙම විෂය සඳහා උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට වුවද පාඨමාලාවට සහභාගී විය හැකිය.
  • පාඨමාලාව අවසානයේ Certified Professional in Digital Marketing සහතික පත්‍රය හිමිවීම.
  • පාඨමාලාව අවසානයේ ඔබව වෘත්තිකයෙකු බවට පත්කරන 100% වගකීම ආයතනය සතුවීම.
  

පාඨමාලාව පිළිබඳව විශේෂ දැනුම් දීමයි...

  • විවිධ මාතෘකා යටතේ ක්‍රියාත්මක වන විශාල විෂය පථයක් 100% ප්‍රායෝගිකව සිදුකරන මෙම පාඨමාලාව සඳහා බඳවා ගන්නේ සීමිත පිරිසකි.
  • පරිගණකය පිළිබඳව, මෘදුකාංග පිළිබඳව හෝ මෙම විෂය පිළිබඳව කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.        
  • මෙම විෂය සඳහා උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට පාඨමාලාවට සහභාගී විය හැකිය.
  • සතියකට එක් දිනක් දේශන පැවැත්වේ. පාඨමාලා කාලය මාස 04 කි.
  • සිංහල මාධ්‍යයෙන් දේශන පැවැත්වේ.
  • පාඨමාලා ගාස්තුව රු. 6000 කි. ( මාසික වාරික හතරකින් ගෙවීම් සිදුකළ හැකිය - රු. 1500 x 4 )
  • මුල් දින කිසිදු අයකිරීමක් නොමැත.
  • පාඨමාලාව තුළ සිදුකරන සියල්ල පිළිබඳව මෙදින ඔබව දැනුවත් කරයි. 

පාඨමාලාව පැවැත්වෙන ප්‍රධාන නගර සහ උසස් අධ්‍යාපන ආයතන පිළිබඳව,
ආරම්භවන දිනය, වේලාව සහ පාඨමාලාවට ලියාපදිංචි වීම පිළිබඳව
තොරතුරු දැනගැනීම සඳහා පහත බොත්තම තද කරන්න.
Buttton